කොරෝනා ආසාදිතව සිටි මන්ත්‍රීවරයෙකු මිය යයි..තවත් ප්‍රභල මන්ත්‍රීවරයෙකු රෝහලට.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මියගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාව පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණා.
මේ අතර හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.
මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද ආශ්‍රිත සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.
පෙරේදා දිනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත‍්‍රීවරයා ඊයේ වන විට ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
ඔහුට ඉක්මනින්ම නැවතත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
