චාමර සම්පත්ටත් වැඩ වරදියි ලක්ෂ එකසිය හැත්තෑ හයකට නඩු

Report

2016 වසරේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ හයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව අල්ලස් කොමිසම අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින චාමර සම්පත් දසනායක මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව දැනුම් දුනි.

විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මල් කැකුළ මරාගත්තා.. මෙහෙමත් වෛද්‍යවරු මාස 14 සිගිත්තට ප්‍රතිකාර කරන්න බෑ කියලා

මල් කැකුළ මරාගත්තා.. මෙහෙමත් වෛද්‍යවරු මාස 14 සිගිත්තට ප්‍රතිකාර කරන්න බෑ කියලා

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස නියම කළාය.