අස්වැසුම අභියාචනා භාරදෙන අයට සුබ ආරංචියක් - අවසන් දිනය දීර්ඝ වෙයි

Report

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අයදුම් කළ පුද්ගලයින්ට අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව ලබන 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙට (11) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම දීර්ඝ කිරීම සිදුකර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, හෙට දිනයෙන් පසුව අභියාචනා සහ විරෝධතා භාරගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය. ඒ අනුව, නොවැම්බර් 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවේ.

මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා 105,233ක් ලැබී ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

එමෙන්ම, එක් අයදුම්කරුවෙකු විසින් තවත් අයදුම්කරුවෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති විරෝධතා සංඛ්‍යාව 1,220ක් ලෙස වාර්තා වී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක් 

"අභියාචනා සහ විරෝධතා කැඳවීම මාර්ගගත ක්‍රමයට සහ එම විරෝධතා ලබා දීමට අවස්ථාව නොවැම්බර් 11 වැනි දිනෙන් අවසන් වීමට නියමිත වෙලා තිබුණා. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ජනතාව විසින් සිදුකරන ඉල්ලීම සහ අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීම අනුව මෙම කාලය නොවැම්බර් 15 දක්වා දීර්ඝ කරලා තියෙනවා. හැබැයි නොවැම්බර් 11 ඉඳලා 15 වෙනිදා දක්වා ඉදිරිපත් කරන්න පුළුවන් මාර්ගගත ක්‍රමයට විතරයි. අද වන විට අයදුම්කරුවන් විසින් ගොනු කර ඇති අභියාචනා ප්‍රමාණය 105,233ක් වෙනවා.


අයදුම්කරුවෙක් විසින් තවත් අයදුම්කරුවෙකුට එරෙහිව ගොනු කර ඇති විරෝධතා ප්‍රමාණය 1,220ක් වෙනවා. ප්‍රාදේශීය ලේකම් විසින් අයදුම්කරුවන්ට එරෙහිව ගොනු කර ඇති විරෝධතා ප්‍රමාණය 173, මහජන විරෝධතා 5426ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පද්ධතිගත කරලා තියෙන අයදුම්පත් ප්‍රමාණය 2981ක් වෙනවා. මේ සම්බන්ධ තවත් ගැටලු තියෙනවා නම් 1924 කියන ක්ෂණික ඇමතුම් අංකයට සම්බන්ධ වෙන්න පුළුවන්."

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

දෙමටගොඩ තරුණයා පැහැරගැනීමේ නඩුවේ තීන්දුව වෙනස් වෙයිද? හිරුණිකාගේ අභියාචනය ගැන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදෙයි

දෙමටගොඩ තරුණයා පැහැරගැනීමේ නඩුවේ තීන්දුව වෙනස් වෙයිද? හිරුණිකාගේ අභියාචනය ගැන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව බෙදෙයි