කැවුම් තෙල් තාච්චියට ගිනි ඇවිළී දෙදරු මව මරුට
සියඹලාණ්ඩුව, අම්පාර පාර 05 කණුව ප්‍රදේශයේ නිවසක කැවුම් පිසිමින් සිටියදී තෙල් තාච්චියට ගිනි ඇවිළීමෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ 44 හැවිරිදි දෙදරු මවක පෙරේදා (22) රාත්‍රියේ මියගොස් තිබේ.
ඉකුත් 13 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් පසු ඒ.එම්. කරුණාවතී නමැති අදාළ කාන්තාව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා සිටියදී මෙලෙස මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.