මොහුව සොයාදෙන පුද්ගලයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක්
ඉරාකයේ ක්‍රියාත්මක, ඉරානයට සම්බන්ධ කටයිබ් සයීඩ් අල්-ෂුහාඩා (Kata’ib Sayyid al-Shuhada) ත්‍රස්ත කණ්ඩායමේ නායක හෂීම් ෆින්යාන් රහීම් අල්-සරාජි සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබාදෙන බව එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.
ඉරාක සිවිල් වැසියන් ඝාතනය කිරීම මෙන්ම ඉරාකයේ සහ සිරියාවේ පිහිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන හා නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාර රැසකට මෙම කණ්ඩායම වගකිව යුතු බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
අදාළ ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට උපකාරී වන තොරතුරු වෙනුවෙන් මෙම දැවැන්ත ත්‍යාග මුදල පිරිනැමීමට නියමිතය.