පියුම් හස්තික නොහොත් පියුමා යළි රිමාන්ඩ්

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත් "පියුමා " ලබන මැයි මස 06 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කර ඇත.

සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සැකකරුගේ ගෝලයෙකු බව කියන සැකකරුවෙකු වන පියුම් හස්තික යන අය මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගැන අසත්‍ය පුවතක් පැතිරෙයි - ජනතාව දැනුවත් වෙන්න

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගැන අසත්‍ය පුවතක් පැතිරෙයි - ජනතාව දැනුවත් වෙන්න

බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැති අතර සූම් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරයා සැකකරු නිරීක්ෂණය කළේය. සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් නීතිපති උපදෙස් කඩිනමින් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය.

එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් සඳහා සිහි කැඳවීමක් යොමු කළේය. හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නොහොත් පියුමා නැමැති සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු 2024 වසරේ පෙබරවාරි 15 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට උදර්පනය කිරීම සදහා දැනුම් දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත යොමු කර සැකකරු ගුවන් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් මෙරටට රැගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.