12 හැවිරිදි දියණිය සමග සිටියදි මවකට සිදු වූ මහ පොළොව නුහුළන අපරාදය..

CID - Sri Lanka Police Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jun 12, 2023 02:38 PM GMT
Sithumi

Sithumi

Report

කොස්ගොඩ, කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු මවක් සිය නිවසේ මිදුලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ කේ.බී. චාන්දනී නම් මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර, සිට 12 හැවිරිදි දියණිය සමග නිවසේ සිටියදි ඇය මෙලෙස ඝාතනයට ලක්ව තිබුණා.

දියණිය පාසල් යාමට පිටත්ව ගිය පසු අද (12) උදෑසන 6.50ත් 7.05ත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණු අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නැහැ.