දැදුරු ඔයේ සැඟව ගිය මව සහ දරු දෙදෙනා...
අද (25 වැනිදා) පෙරවරුවේ දී ඉබ්බාගමුව බෝගමුව පොලිස් වසමට අයත් පේරහේනවත්ත ප්‍රදේශය හරහා ගලා බසින දැදුරුඔයේ දියනෑමට ගිය එකම පවුලේ මව සහ පුතුන් දෙදෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇත.
ඒ, වයස අවුරුදු තිස්හතරක දෝන පියුමිකා මධූෂානී නම් වූ මවත්අගේ පුතුන් දෙදෙනාත් ය.
මෙලෙස, ජිවිතක්ෂයට පත් ව ඇත්තේ, නව හැවිරිදි පහන් පන්සිළු සම්පත් සහ පස් හැවරිදි කාලිංග උදාර පියුමාල් සම්පත් යන දරුවන් ය.
මරණයට පත්ව සිටින වැඩිමල් දරුවා විශේෂ අවශ්‍යතා සහිතව ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අතර අනෙක් දරුවා පෙර පාසලක ඉගෙනුම ලබමින් සිට ඇත.
මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් දැදුරුඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බවද ඒ හේතුවෙන් දියේ ගසාගෙන හෝ දියේ ගිලීමෙන් අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනාගේ සිරුරු සොයාගැනීම අසීරුවී තිබෙන බවද පොලිසිය සඳහන් කළේය.
හමුවූ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමු කළ බව ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.එස්.කේ.දහනක පැවසුවේ ය.
අනෙක් සිරුරු සොයාගැනීම සඳහා නාවික හමුදාවේ සහාය ලැබීමට නියමිත බවද ඔහු පැවසීය.
බෝගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.