මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් බිස්නස් එක කරපු මවයි පුතයි අත්අඩංගුවට
By Mithu
පානදුර උතුර පොලීසිය හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් අය මෙම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මල් ශාලාවේ හිමිකරු සහ ඔහුගේ මව වන අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුත්‍රයා වයස අවුරුදු 39 වන අතර, මව වයස අවුරුදු 69 ක් පසුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් සම්බන්ධව මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසීය.
සැකකරුවන් අද (26) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.