ගුරු සේවයට යන්න ඉන්න ඔයාට නව වෙනසක් සමඟ සුබ ආරංචියක්
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, විද්‍යා පීඨ ගුරුවරුන්ට ලබා දෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් තිබෙන බවයි.
මේ සම්බන්ධ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
ඒ අනුව විද්‍යාපීඨ විෂය මාලාව සංශෝධනය කිරීමේද පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.