මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.
Western province
Mortar department
Werahara
By Aruna
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද (30) සිට යළි ආරම්භ කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කාර්යාලවල කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.
කෙසේවෙතත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් නාරාහෙන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා සැපයීම සිදුවන්නේ බස්නාහිර පළාතේ පුද්ගලයින් සඳහා පමණක් බව කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
සේවා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට 011 2 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගතයුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
