හෝටලයට ගිය තරුණයන්ට සිදුකල පහරදීම ආරක්ෂිත කැමරාවේ.පහරදීම නිසා තුවාල ලැබූ දෙදෙනකු රෝහලේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sithumi
මොණරාගල සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් සියඹලාණ්ඩුව නගර ආසන්නයේ පිහිටා ඇති හෝටලයකට ගිය තරුණයන් පිරිසකට එම හෝටලයේ සේවයකයින් සහ තවත් පිරිසක් විසින් පහරදීම තිබෙනවා.
පහරදීමෙන් පසු තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු පහරදීම සිදු කල පුද්ගලයන් විසින් හෝටලයෙන් පිටතට රැගෙන ගොස් සියඹලාණ්ඩුව අම්පාර ප්‍රධාන මාර්ගය ආසන්නයට ගෙනැවිත් දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පහරදීම නිසා තුවල ලැබූ තරුණයන් දෙදෙනකු සියඹලාණ්ඩුව මූලික රෝහලේ සහ මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු ක්‍රියාත්මකයි.
