ඔබේ දුරකථනය කිසිදු අයුරකින් හැක් කරන්න බැරි විදි තියෙනවා(VIDEO)..අතිශය වැදගත්.

Sri Lanka Mobile phone Hacking Hari tv
By Aruna Jul 01, 2021 03:00 AM GMT
Report

කිසිදු අයුරකින් තමන්ගේ පෞද්ගලික තොරතුරු වෙනත් අයෙකුගේ අතට පත්වීම වලක්වා තමන්ගේ ජංගම දුරකථනයේ තබා ගැනීමට හැකියාව ඇති බව සිංගප්පුරුවේ මව් සමාගම පිහිටි Gentxt හි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ඉන්දික බිමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා.

Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා වසංගතයෙන් පසු මෙරට වයස අවුරුදු 8 සිට ඉහලට දරුවන් අතර ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ප්‍රචලිත වී ඇති බවයි ඔහු කියා සිටියේ.

Gentxt ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටුවීමේදී තමන්ට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූ බවත් ඒ සියලු දුෂ්කරතා වලට මුහුණ දෙමින් වසර 04ක කාලයක් ඉතා සෙමින් මෙරට ජංගම දුරකථන කේෂ්ත්‍රයේ ඉදිරියට පැමිණීමට හැකියාව ඇතිවූ බවයි ඔහු කියා සිටියේ.

ලංකාවේ සාමාන්‍යයෙන් මාසිකව දුරකථන ලක්ෂ 3-4 ත් අතර ප්‍රමාණයක් දිවයිනට රැගෙන එන බවත් වසරකට ජංගම දුරකථන මිලියන 1-1.2ත් අතර ප්‍රමානයක් එලෙස දිවයිනට ආනයනය කරන බවයි ඔහු කියා සිටියා.

කොරෝනා වෛරසයට පෙර වැඩි වශයෙන් ස්මාර්ට් ජංගම දුරකථන අලෙවිය සිදුකෙරුණේ බස්නාහිර පළාතේ බවත්, ඉන් පසුව පිලිවෙලින් දකුණ, මධ්‍යම සහ වයඹ පළාත් තුල ජංගම දුරකථන අලෙවි කෙරෙන බවයි රජීව් ඉන්දික බිමල් ගුණරත්න සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් අලෙවි කෙරෙන්නේ සැම්සුන් වර්ගයේ දුරකථන බවත්, දෙවැනි ස්ථානයේ පසුවන්නේ XIAOMI වර්ගයේ ජංගම දුරකථන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වර්ථමානයේ ස්මාර්ට් දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පිරිස් තමන්ට අවශ්‍ය දුරකථන සම්බන්ධයෙන් මනා අවබෝධයක් තිබෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now