මනම්පිටිය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ
මහවැලි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව මේ වන විට අවම වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තු ආපදා කළමණාකරන ඒකකයේ අධ්යක්ෂ එල්. එස් සූරියබණ්ඩාර සඳහන් කරයි.
මහවැලි ගඟ මනම්පිටියෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බව වාර්තා වේ
තවද යාන් ඔය ජල මට්ටම හොරොව්පතාන ප්‍රදේශයෙන් අවධානම් මට්ටමට පැමිණ ඇත.
ඒවගේම මල්වතු ඔය තන්තිරිමලය ප්‍රදේශයෙන් පවතින්නේ ද අවධානම් මට්ටමක වේ.
දැනට පවතින වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 32ක වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බව වාර්තා වේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අනිද්දා(22) දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කරයි.