ගල්ලෑල්ල සිට මීනම්පිටිය දක්වා යතුරුපැදි සහ ත්රීරෝද රථ ධාවනය තහනම්
පොලොන්නරුව - මඩකලපුව ප්රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මීනම්පිටිය දක්වා වූ කොටස හරහා ජලය ගලා යාම නිසා ආරක්ෂාව සඳහා අද (20) රාත්රියේ යතුරුපැදි සහ ත්රීරෝද රථ ධාවනය තහනම් කර ඇති බව පොලිසිය නිවේදනය කරයි.
මෑතකදී පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මාර්ගයේ ජලය ගලායෑම ඇති වී ඇති අතර, එම තත්ත්වය තවදුරටත් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත.
එබැවින් අද රාත්රියේ එම මාර්ග කොටසේ යතුරුපැදි සහ ත්රීරෝද රථ ධාවනය නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
වෙනත් රථවාහන සඳහා මාර්ගය භාවිතා කිරීමේදී අතිශයින් පරිස්සමෙන් ධාවනය කරන ලෙසත්, ආරක්ෂාවට ප්රමුඛත්වය දෙන ලෙසත් පොලිසිය දැනුම් දෙයි.