ප්‍රකට සහල් ව්‍යාපාරිකයකුගේ වී මෝල් සංකීර්ණයක හදිසි ගින්නක් - ගින්න නිවීමට ගිනි නිවන ඒකකයත් එයි
ප්‍රකට සහල් ව්‍යාපාරිකයකු වන මිත්‍රපාල ලංකේෂ්වර මහතාගේ වැලිකන්ද සිංහපුර පිහිටි වී මෝල් සංකීර්ණයේ අද දින (24) සවස 2.30 ට පමණ සුළු ගින්නක් හටගෙන ඇති බව වැලිකන්ද පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව පැතිර යන එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකකය දැනුවත් කර ඇති අතර ගින්න නිවීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.
එහි සේවකයකු සඳහන් කර ඇත්තේ දහයියා අළු තැන්පත් වු ප්‍රදේශයේ මෙම සුළු ගින්න හටගෙන ඇති බවත්, ගින්න මැඩ පැවැත්වීම සියලු පියවර ගෙන ඇති බවත් ය.
මේ අතර මේ පිළිබඳව මිත්‍රපාල ලංකේෂර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කුඩා කාමරයක වයර් ෂෝට් එකක් වී ඇති බවත්, එය ගැටලුවක් නොමැති බවත් ය.