පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්‍රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්‍රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)

Ministry of Education A D Susil Premajayantha
By Wayomi Aug 01, 2024 11:08 AM GMT
Wayomi

Wayomi

Report

අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වලත් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව අකිය සිටියේ, ධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අතර එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින්.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.


අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා ඊට අත්සන් තබනු ලැබුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 7,112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කර ඇති බවත් මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ ලෙස රු. 300,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ වශයෙන් රු. 20,000/-ක් සහ අසාධ්‍ය රෝග ප්‍රතිලාභ ලෙස රු. 1,500,000/- ක් දක්වා ප්‍රතිලාභ හිමි වෙයි.

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)


එමනේම අනතුරු රක්ෂණාවරණ මගින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවක දී රු. 200,000/-ක් ද, සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/-ක් ද, තාවකාලික අකර්මණ්‍යතාවයක දී 25,000/- සිට 100,000/- දක්වා ද ප්‍රතිලාභ හිමි වන බවය.

මේ අතර ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රු.180,000/-කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව 'අස්වැසුම ' වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/= බැගින් ද, එක් මරණයක් වෙනුවෙන් වෙන් කරනු ලබන උපරිම මුදල රු. 225,000/- වන බවත් පවුලේ සියලු ම සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මාපියන් දෙදෙනාගේ ම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයකි.

අගමැති දිනේෂ් ඉවත් වෙනවාද ?නැද්ද? - අලුත්ම තීන්දුව ගැන ඇහෙන කතාව.

අගමැති දිනේෂ් ඉවත් වෙනවාද ?නැද්ද? - අලුත්ම තීන්දුව ගැන ඇහෙන කතාව.


ReeCha