ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්‍ෂයි? - ධම්මික පෙරේරාටත් ණය දිය හැකියි. - එළියට ආ අලුත්ම අනාවරණය.- (VIDEO)

Basil Rajapaksa Sri Lanka Politician Wimal Weerawansa Sri Lanka Podujana Peramuna
By Wayomi Jul 31, 2024 12:00 PM GMT
Wayomi

Wayomi

Report

ලංකාවේ අංක එකේ ධනපතියා බැසිල් රාජපක්ෂ විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහුට ඇමෙරිකාවේ ඇති දේපළ නිසි තක්සේරුවක් කර ගණනය කිරීමක් සිදු කළොත් ඒ බව සොයා ගත හැකි වනු ඇති බවයි ඔහු youyube නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ.

ධම්මික පෙරේරා මහතාට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අය ගන්නට ඇත්දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ධම්මික පෙරේරාට අවශ්‍ය නම් මුදල් ලබා දීමට හැකියාව බැසිල් රාජපක්ෂට ඇති බවයි.

එසේ නැතිව කිසිවෙකුගෙන් මුදල් ඉල්ලාගැනීමට තරම් අහේනියක් බැසිල් රාජපක්ෂට ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කරනවා.

එමෙන්ම බැසිල් රාජපක්ෂ පරම්පරා 7කට අවශ්‍ය ධනය එකතු කරගෙන ඇති බවත්, මහින්ද රාජපක්ෂ එසේ නොවන බවද නාමල් රාජපක්ෂ ගැන තමන් කියන්නට දන්නේ නැති බවත් විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කරනවා.