රටම සතුටු කරමින් මරණ දඬුවමින් බේරී නිදහස හිමිවූ අනෝජන් සිවරාසාගේ පවුලේ අය අද ජනාධිපති කාර්යාලයේදී ජනපති අනුර හමුවෙයි

Report

 සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් අද (12) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ස්තූතිය පළ කර ඇත

ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති අතර, එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීම තම වගකීමක් බවයි.

අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට සහාය වූ සෞදි අරාබි රජයටත්, ජාති, ආගම් සහ දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන් මැදිහත් වූ සියලු දෙනාටත් ජනාධිපතිවරයා ස්තූතිය පළ කර තිබේ.

මේ අතර, අනෝජන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුගේ දෙමාපියන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ තම පුතා නිදහස් කර ගැනීමට මුල සිටම මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාටත්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාටත් අනෝජන්ගේ මව සිය ස්තූතිය පළ කරන ලදි .

එමෙන්ම සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, එරටට ගොස් නීතිමය සහාය ලබාදුන් නීතිඥවරුන්ටත්, මේ සඳහා සහාය වූ සියලු ශ්‍රී ලාංකිකයන්ටත් ඇය කෘතඥතාව පළ කර තිබේ ජනාධිපතිවරයා සමඟ පැවති පළමු හමුවේදී ලබාදුන් පොරොන්දුව අනුව අනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව සමාජ ක්‍රියාකාරී රාජ්කුමාර් රජීව්කාන්ත් මහතාද ස්තූතිය පළ කර තිබේ.

ඔහු සඳහන් කර ක්මළේ කාලය තුළ බංග්ලාදේශ ජාතික යුවළකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිදුවීම හේතුවෙන් අනෝජන්ගේ දෙමාපියන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටි බවයි මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතාද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පපවසා ඇත.

අනෝජන් සිවරාසාට පූර්ණ නිදහස - සති දෙකක් ඇතුළත අනෝජන් ලංකාවට - සුභම සුභ ආරංචියක්

අනෝජන් සිවරාසාට පූර්ණ නිදහස - සති දෙකක් ඇතුළත අනෝජන් ලංකාවට - සුභම සුභ ආරංචියක්

පොල් , එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළට - ලාංකික ජනතාව ලොකු අමාරුවක වැටෙයි

පොල් , එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළට - ලාංකික ජනතාව ලොකු අමාරුවක වැටෙයි