බහාලුම් 323 ගැන හොයන්න පත් කරපු විශේෂ කමිටුවෙන් අමාත්‍ය අනුර කරුණාතිලක හදිසියේ ඉල්ලා අස්වෙයි

Report

කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඉල්ලා අස්වී ඇත.

පසුගිය 11 වන දින කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව ඇත.

එහිදී අමාත්‍යවරයා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්ව ඇති බවට දැනුම් දී තිබෙන බව සඳහන්.

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

ඒ අනුව වෙනත් සාමාජිකයෙන් ඉදිරියේදී ඒ සඳහා පත් කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙම කාරක සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.

එසේම මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද සහභාගී වී ඇත.  

සිවුර ගැලවෙනකල් අපිට ගැහුවා එළියට ගියාට පස්සේ උඹ මට කරයි කියලා තර්ජනය කළා..කස්සප හිමිගෙන් ලොකු චෝදනාවක් - ලොක්කෝ රැසකගේ නම් ගෑවෙයි

සිවුර ගැලවෙනකල් අපිට ගැහුවා එළියට ගියාට පස්සේ උඹ මට කරයි කියලා තර්ජනය කළා..කස්සප හිමිගෙන් ලොකු චෝදනාවක් - ලොක්කෝ රැසකගේ නම් ගෑවෙයි

දොර ජනෙල් වසා දමා විදුලි පහන්ද නිවා කළුතර මහාධිකරණයෙනුත් ඇග කිළිපොලා යන තීන්දුවක්

දොර ජනෙල් වසා දමා විදුලි පහන්ද නිවා කළුතර මහාධිකරණයෙනුත් ඇග කිළිපොලා යන තීන්දුවක්