අද අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට

Report

 දිවයිනේ අවම උෂ්ණත්වය අද (17) අලුයම් කාලයේදී සෙල්සියස් අංශක 8.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී  තිබෙන  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.6ක් බවද වාර්තා වී ඇත .

ඒ වගේම බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.4ක් ලෙස වාර්තා වී ඇති බවද සඳහන් වේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් සදහන් කරන්න්නේ පොළොන්නරුව ප්‍රදේශයෙන් අද අලුයම වාර්තා වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 19.4ක් බවයි.

රටේ ඉදිරි පැය 36 තුළ වෙන දේ මෙන්න

රටේ ඉදිරි පැය 36 තුළ වෙන දේ මෙන්න

  එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමක දැක්වෙන බවද වාර්තා වේ.

 තවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්න දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි .

නුවරඑළියට හෙට හිම වැටෙනවලු - මෙන්න විස්තරේ

නුවරඑළියට හෙට හිම වැටෙනවලු - මෙන්න විස්තරේ

ඒ වගේම අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ මේ බව වාර්තා වී ඇත.

අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිව තිබේ.

අද දිවයින පුරා වියළි කාලගුණයක්

අද දිවයින පුරා වියළි කාලගුණයක්