මව්කිරි ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්.

Sri Lanka
By Hashini Oct 30, 2023 06:05 AM GMT
Hashini

Hashini

Report

ලෝකයේ පෝෂණය වැඩි හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා.

ඒ බව රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ පවසනවා.

ගාල්ලේ පසුගිය දා පැවැති අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවැනි වැඩ මුළුවේදී මහාචාර්යවරයා මේ බව පැවසුවා.

වෙළර තීරය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් කිරීම සඳහා මෙම වැඩමුළුව පවත්වා ඇති අතර ඒ සඳහා ගාල්ලේ පාසැල් 4ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගී වූ බව වාර්තා වනවා.

පොලිතින් හා ප්ලාස්ටික් නිරන්තර භාවිතයට ගන්නා බැවින් මයික්‍රෝ ප්ලාස්ටික් නිසා ලෙඩ රෝග බහුලව සෑදෙන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. . 

ReeCha