ජනපතිගෙන් මුළු කොළඹටම සුබ පණිවිඩයක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහජනතාවට ගෞරවනීය සහ විශ්වාසදායක සේවාවක් ලබා දීම සඳහා සමස්ත ප්‍රවාහන ව්‍යුහයම කඩිනම් පරිවර්තනයකට ලක් විය යුතු බව පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරය.

මෙරට ප්‍රවාහන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් සපිරි සේවාවක් බවට පත් කළ යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

ශ්‍රී ලාංකිකයන්ට සුභ ආරංචියක් - අප්‍රේල් සිට ආරම්භයි

මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුනරුදයක් සඳහා ආර්ථික තරඟකාරිත්වය, පාරිසරික තිරසරභාවය, ඩිජිටල් පරිවර්තනය, සමාජ සමානාත්මතාවය හා ප්‍රවේශය, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය යන කුළුණු පහ යටතේ සකස් කළ උපායමාර්ගික සැලැස්ම පිළිබඳවද දැනුවත් කෙරිණි.

කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයට පිළියමක් ලෙස “Lanka Metro Transit” බස් රථ සේවාව හඳුන්වා දීමට මෙලෙස සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සකස් කරමින් පවතින අතර, මේ වසරේ අගෝස්තු මාසය වන විට බස් රථ මෙරටට පැමිණීමට නියමිත බව සඳහන් වේ.

කොළඹ අවට ප්‍රධාන මාර්ග හයක් ඔස්සේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, බස්නාහිර පළාතෙන් ආරම්භ කරන මෙම වැඩසටහන පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වෙතත්, ඉදිරි වසර තුනක කාලය තුළ ප්‍රධාන නගර අටක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව සඳහන්.

රජයෙන් මේ තනතුරුවලට අයදුම්පත්‍ර කැඳවයි - පෙබරවාරි 20ට පෙර

රජයෙන් මේ තනතුරුවලට අයදුම්පත්‍ර කැඳවයි - පෙබරවාරි 20ට පෙර

මෙම නියමු ව්‍යාපෘතිය මගින් කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කර, මගී ජනතාව පොදු ප්‍රවාහනය වෙත ආකර්ෂණය කර ගැනීම අරමුණ බව සඳහන් වේ.