ආයෙත් උඩට එන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය - සිද්ධිය CIDට භාර දෙන්නැයි ඉල්ලයි

By Kaushi Feb 12, 2026 12:31 PM GMT
Report

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පොලිස් භාරයේ සිටියේදී වෙඩි වැදි මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන කටයුතු මාලිගාවත්ත පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන මෙන් ඔහු සඳහා අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය හමුවේදීයි.

මාකදුරේ මධුෂ් පොලිස් භාරයේ සිටියේදී වෙඩි වැදි මිය යෑම සැකසහිත බැවින් එම විමර්ශන මාලිගාවත්ත පොලිසියෙන් ඉවත් කර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන මෙන් අගතියට පත් පාර්ශවයක් වන ඔහුගේ බිරිඳ සඳහා පෙනී සිටි නීතීඥවරුන් පෙර නඩු දිනයේදීද අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව මාලිගාවත්ත පොලිසිය මඟින් මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව සෑහීමකට පත් නොවන බවත් පොලිස් භාරයේ සිටියේදී වෙඩි වැදී මිය යාම සැක සහිත බව පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශවය සඳහා පෙනී සිටි නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයාගෙන් මෙසේ ඉල්ලා සිටියා.

අරමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

අරමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

අධිකරණ සේවා කොමිෂන් සභා පනත අනුව පවත්වාගෙන යනු ලබන විමර්ශනයක් එම ආයතනයෙන් ඉවත්ව වෙනත් ආයතනයකට ලබාදීම කළ නොහැකි බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අඳාළ ඉල්ලීම ප්‍රතික්ෂේප ක‍ර ඇත.

එසේම ඔහු සඳහන් කළේ අගතියට පත් පාර්ශවය මඟින් මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිසි පරිදි විමර්ශන කටයුතු සිදු නොවන බවට පැමිණිල්ලක් යොමු කළ හැකි බව පෙර නඩු දිනයේදි දැනුම්දී තිබු බවයි.

එහිදී පෙර පැවති රජය යටතේ මෙම සිද්ධියට අඳාළව මාකඳුරේ මධුෂ්ගේ බිරිඳ අධිකරණයට හෝ නීතිමය මාර්ගයකට යාමට බිය බවත් මෙම සිද්ධියට පෙර පැවති රජයේ දේශපාලනඥයින් සහ පොලිස් නිලධාරීන්ට සම්බන්ධ බව අගතියට පත් පාර්ශවය සඳහා පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා ඇතුලු නීතීඥවරුන් අධිකරණයේ පෙනී සිටි බව සඳහන්.

පියුමි හංසමාලිගේ පුතා එක්ක 6දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට - හේතුව මෙන්න

පියුමි හංසමාලිගේ පුතා එක්ක 6දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට - හේතුව මෙන්න

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියෙන් වෙඩි කෑ දරුවාට යුක්තිය ඉල්ලා විරෝධයක්

යාපනයේ උණුසුම් තත්ත්වයක් - පොලිසියෙන් වෙඩි කෑ දරුවාට යුක්තිය ඉල්ලා විරෝධයක්

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර