වෙන කෙනෙක්ගේ හැඳුනුම්පතක් අරගෙන ආවොත් වැඩ වරදී - තරුණයෙක් අත්අඩංගුවට
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (12) දින පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය පැවැත්වෙන අතරතුර වෙනත් අයකුගේ හැඳුනුම්පතක් උපයෝගි කර ගනිමින් ක්‍රීඩාංගණයේ සේවා කටයුතු වෙනුවෙන් පැමිණ සිටි පුද්ගලයෙකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අඳාළ පුද්ගලයා ක්‍රීඩාංගණයේ ටෙන්ට් ඇදීමට පැමිණ සිටියදී මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව පල්ලේකැලේ ක්‍රිඩාංගණය ඇතුළත ටෙන්ට් ඇදිමට තාවකාලික පදනම මත බඳවාගෙන ඇති කම්කරුවකු නමින් පෙනී සිටිමින් මොහු ක්‍රිඩාංගණයට ඇතුළුවී සිටියදී අද (12) දින පස්වරු 1.00 ට පමණ ක්‍රිඩාංගණයේ කාර්ය මණ්ඩලය මඟින්ම ඔහුව පොලිස් නිලධාරින්ට භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමට ඔහුව පල්ලේකැලේ පොලිස් ස්ථානයට භාරදී ඇති බව වාර්තා වේ.
එමෙන්ම ක්‍රීඩාංගණයේ වැඩකටයුතු සඳහා තාවකාලික පදනම මත කම්කරුවකු වශයෙන් බඳවා ගනු ලැබ තිබෙන මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයා මෙදින සේවයට පැමිණ නොමැති බවත්, ඔහුගේ හැඳුනුම්පත භාවිත කරමින් ක්‍රීඩාංගනයට ඇතුළු වී තිබෙන පුද්ගලයා දිගන රජවැල්ලේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.