අගමැතිනියගෙන් සියලු ගුරුවරුන්ට සුබ පණිවිඩයක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විධිමත් හා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ මූලික ප්‍රමුඛතාවය බව ප්‍රකාශ කරයි.

ඒ අනුව රටක් වශයෙන් අපේක්ෂා කරන පරිවර්තනීය වෙනස උදාකර ගැනීම සඳහා දියුණු මානව සම්පතක් අත්‍යවශ්‍ය වන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. මෙම සංචාරයේදී බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දුන් නව වැඩපොත්, මූලික විෂයමාලාවේ ප්‍රගතිය සහ පන්ති කාමර ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනය කර තිබේ.

තංගල්ලේ ලොකු ප්‍රශ්නයක් - මෘත ශරීර වැහි වහී

තංගල්ලේ ලොකු ප්‍රශ්නයක් - මෘත ශරීර වැහි වහී

ඒ අනුව විද්‍යාලයීය ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් ලබාදෙන දායකත්වය රජය අගය කරන බවයි.

ඒ වෙනුවෙන් ගුරුවරුන්ගේ වෘත්තීය භාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.

රජයෙන් මේ තනතුරුවලට අයදුම්පත්‍ර කැඳවයි - පෙබරවාරි 20ට පෙර

රජයෙන් මේ තනතුරුවලට අයදුම්පත්‍ර කැඳවයි - පෙබරවාරි 20ට පෙර

පාසල් අතර පවතින යටිතල පහසුකම් අසමානතා ඉවත් කර සියලු දරුවන්ට සම අවස්ථා ලබාදීම රජයේ ඉලක්කය බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර