පාඨලීට එරෙහි රිය අනතුරු නඩුවේ සාක්ෂි විභාගය යළි ඇරඹේ
නීතිපතිවරයා විසින් 2016 වසරේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා ඇති රිය අනතුරකට සම්බන්ධ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නඩුව ගොනු කර තිබුණි.
ඒ අනුව අද (12) මෙම නඩුව මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ යළි ආරම්භ කර තිබේ. එම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රමගේ මෙහෙයවීම යටතේ, පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර සිටින මනුල් නිම්සුක අබේසුන්දරගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා ඇතිවූ රිය අනතුරක් වසන් කිරීම, සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි.
අධිකරණය වැඩිදුර සාක්ෂි විභාගය මැයි 05 වනදා දක්වා කල් තැබීමට නියම කර ඇත.