ත්‍රීවීල් සඳහා කිලෝමීටරයට අයකරන මුදල ඉහළ දමයි.

Colombo Gampaha Meeter taxi
By Aruna Jun 22, 2021 08:00 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කිලෝමීටරයකට රුපියල් පනහක මුදලක් අය කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් දිල්රුක් මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

වසර 10ක පමණ කාලයක සිට කිලෝමීටරයකට අය කරගනු ලැබුවේ රුපියල් 40ත් 45ත් අතර මුදලක් බැවින් කොරෝනා වසංගත තත්ත්වයෙන්ද විශාල ලෙස පීඩාවට පත්ව සිටින ත්‍රිරෝද රථ රියැදුරන්ට මෙම ඉන්ධන මිල එකවර ඉහළ දැමීම තවදුරටත් දරාගත නොහැකි බව ඔහු පැවැසුවේය.

කිසිදු සහනයක් ත්‍රිරෝද රථ රියැදුරන්ට මේ වනතෙක් වත්මන් රජයෙන් ලබාදී නොමැති බව හෙතෙම පවසා සිටියේය.

මෙම ගාස්තු ඉහළ දැමීමට සිදුවූවේද වෙනත් මාර්ගයක් නොමැති කමින් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග වෙනත් ගැටලු රාශියක්ද පැන නැග ඇති බවත් මේ වන විට වාහන අමතර කොටස්වල මිල සහ ලිහිසි තෙල්වල මිල ඉහළ දැමීමක් සිදුවී ඇති බව ඔහු අවධාරණය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now