කළුතරදී පැහැර ගැනුණු සිසුවියන් දෙදෙනා හමුවෙයි. - 16 හැවිරිදි පාසල් සිසුවෙකුත් සොයා විමර්ශන.

Sri Lanka Police Sri Lanka School Incident
By Wayomi Nov 16, 2023 09:17 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (15) කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේදී පාසල නිම වී නිවස කරා යමින් සිටියදී පැහැරගත් සිසුවියන් දෙදෙනා හමු වී තිබෙනවා.

 ඔවුන් දෙදෙනා පාසැල නිම වී යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙක් එම සිසුවිය බලහත්කාරයෙන් රථයට නංවාගෙන ඇති අතර, එය දුටු ඇය ගේ පාසලේ මිතුරියක් ඇය බේරාගැනීමට උත්සාහ කිරීමේ දී එම සිසුවිය ද ත්‍රිරෝද රථය තුළට නංවාගෙන සැකකරුවන් පළා ගොස් තිබුණා.

මෙම සිද්ධිය ආරංචි වී විගස විදුහල්පතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබූ අතර, ඒ අනුව කළුතර දකුණ පොලීසිය වහාම විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.

එහි දී සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් හැරදමා ගොස් සිටිය දී සොයා ගෙන තිබෙනවා.

ඔවුන්ව පැහැරගෙන ගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු විසින් බවත් පසුව, ඔහු සිසුවියන් දෙදෙනා කිතුලාව, මෙනේරිතැන්න ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහි කාන්තාවකට භාර දී ඇති බවත් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ පස්වරුවේම එම සිසුවියන් රඳවා තබා ගත් බව කියන නිවසේ හිමිකාරිය සහ පැහැරගත් සිසුවියන් මඟ දමා ගිය ත්‍රිරෝද රථයේ රියදුරු ඊයේ පස්වරුවේම පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම පැහැරගැනීම සැලසුම් කළ පාසල් සිසුවා ත්‍රිරෝද රථය තුළ දී සිසුවියන් දෙදෙනාටම පහර දී ඇති බවට ප්‍රකාශ වීම නිසා ඔවුන් දෙදෙනා අද වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ රියදුරු සහ කාන්තාව අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ප්‍රදේශයෙන් පළා ගොස් සැඟ ව සිටින 16 හැවිරිදි පාසල් සිසුවා සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.         

ReeCha