දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අද (23) සිට අත්හිටුවා තිබූ මීනගයා දුම්රිය නැවත ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව මෙම දුම්රිය සවස 7:00 ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිතයි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය මෙතෙක් අත්හිටුවා තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.