දින 10කට පසු අවාසනාවන්ත ලෙස මියගිය වෛද්‍ය පීඨ සිසුවා. (PHOTO)

Death
By Wayomi Mar 04, 2024 12:16 PM GMT
Wayomi

Wayomi

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු මහවැලි ගඟේ දියේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඉසුරු මදුශාන් නමැති සිසුවෙක්.

ඔහු නාවලපිටිය ශික්ෂණ රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිට තිබෙනවා.

එහිදී පසුගිය 23 වනදා මෙම සිසුවා මහවැලි ගංගාවේ ගල්පොත්තවල නමැති ස්ථානයක දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම සිසුවා සැඩ පහරකට හසුව දියේ ගසාගෙන ගොස් ඇත.

පසුව ප්‍රදේශවාසීන් එක්ව සිසුවා ගොඩට ගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු එහිදී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.  


Gallery
ReeCha