කුණු ප්‍රශ්ණයක් දුර දිග ගිහින් ගම්පොළ නගරාධිපති මාධ්‍යවේදීන් පන්නලා

Report

 ගම්පොළ නගර සභාව ඔවුන්ගේ කසල හොර රහසේ ගමක ජල මූලාශ්‍රයකට දැමීම මාධ්‍ය මගින් හෙළිකලයි   උරන වූ සමගි ජන බලවේගයේ ගම්පොළ නගරාධිපති මාධ්‍යවේදීන් පන්නා දමා තිබේ .

පවුල් 600 ක් සිටින ගම්පොළ අංගම්මන ගම්මානයේ කඳු මුදුනේ ඇති බීමට ගන්නා ජල මූලාශ්‍රයට ගම්පොළ නගර සභාව මගින් කසල ටෝන් ගණනාවක් හොර රහසේ දැමීම පිළිබඳව මාධ්‍ය මගින් හෙළි කලයි උරනව සිටින ගම්පොළ නගර සභා සභාපති ඉරුක වීරරත්න මහතා එය හෙළිකළ මාධ්‍ය වේදීන්ට හා ඔවුන්ගේ වාහන නගර සභා භූමි වෙත ගැනීමට තහනම් කර තිබේ.

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගම්පොල නගර සභා බලය තහවුරු කරගෙන ඇති අතර ඔවුන් පැමිණ මුල් මාස දෙක තුළදීම නගර සභා ඉඩම් ඇතුළු දේපළ වංචා කරමින් හිතවතුන්ට දීම, විවිධ ප්‍රදේශවලට කැලිකසල හොර රහසේ මුදා හැරීම, නගරය පිරිසිදු නොකිරීම ආදී දේ සඳහා ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු සිය විරෝධය පළ කරමින් සිටි.

අංගම්මන ජල මූලාශ්‍රය තුළට කසල බැහැර කිරීම හා එයින් සිදුකරන මුදල් වංචාවන් මෙන්ම ඉඩම් වංචාවන් පිළිබඳව ජාතික ජන බල වේගයේ නගර සභා මන්ත්‍රිවරු මාධ්‍ය හමුවක් පවත්වා සිදු කළ හෙළි කිරීමද මාධ්‍ය මගින් පළවීම සභාපතිවරයාගේ උරන වීම වැඩිවීමට හේතු වී තිබේ.

ලංකාව මත්ද්‍රව්‍ය ගුහාවක් කරේ මාලිමා ආණ්ඩුව දැන් රාජපක්ෂලා පිටේ ගහන්න හදනවා

ලංකාව මත්ද්‍රව්‍ය ගුහාවක් කරේ මාලිමා ආණ්ඩුව දැන් රාජපක්ෂලා පිටේ ගහන්න හදනවා

මේ පිළිබඳව මාධ්‍යවේදීන් ඉරුක මිහිරාන් වීරරත්න සභාපතිවරයාගේ විමසා මීට වසර තිහකට පෙර සිටි නීතිඥ පී.බී. ගුණතිලක නගරාධිපතිවරයා මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ වල ආරක්ෂාව සඳහා නගර සභා භූමිය වෙත ඔවුන්ගේ වාහන ඇතුල් කිරීමට ලබා දී තිබූ අවසරය ඇයි ඉවත් කරන්නේ යන්න විමසීමේදී ඔහු පැවසුවේ කලින් අවුරුදු තිහ හතළිහක වැඩ ඔහුට වැඩක් නොමැති බවත් මාධ්‍ය නෙවේ මොන වාහනයක්වත් සභාව තුළට ගැනීමට ඉඩ නොදෙන බවයි.

ඒ සමගම ඔහු නගර සභා ආරක්ෂකයින්ට දන්වා සිටියේ මේ අයට ජාතික ජනබල වේගය ආරක්ෂාව දෙයි ඒ නිසා මීට පස්සේ මේ අයට සභා භූමියට ඇතුල් වෙන්න දෙන්න එපා වශයෙනි.

වැලිගම සභාපති ඝාතකයා හිතුමතේ ජීවිතේ නමින් අතේ පච්චෙකුත් ගාලා - අයිස් හොයාගෙන ආපු ගමනේ පොලිසියට මාට්ටු වෙලා

වැලිගම සභාපති ඝාතකයා හිතුමතේ ජීවිතේ නමින් අතේ පච්චෙකුත් ගාලා - අයිස් හොයාගෙන ආපු ගමනේ පොලිසියට මාට්ටු වෙලා