හිටපු ජනාධිපතිට ප්‍රබල චෝදනාවක්

sri lanka Sri lanka mayithreepala sirisena
By Sithumi Sep 21, 2021 02:05 PM GMT
Sithumi

Sithumi

Report

වත්මන් රජයේ සංවර්ධන ව්‍යාපෘතියක් වන පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා චෝදනා කරයි. 

 ඔහු මේ බව සඳහන් කළේ, එම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කිරීමට ඊයේ (20) අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන් බැහැදුටු අවස්ථාවේදිය. 

 පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 19 වනදා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

එලෙස ප්‍රසිද්ධියේ කී හිටපු ජනාධිපතිවරයා අදාළ ව්‍යපෘතිය ක්‍රියාත්මක කළ යුතුයැයි තමා සමඟ පෞද්ගලිකව පවසා තිබීම නිසා ඔහුගේ පිළිවෙත පිළිබඳ ගැටලු මතු වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ - "ගොවි ජනතාව විදියට මම සම්බන්ධවෙලා බලපුවාම ගොඩාක් අය එකඟයි ඒක කළ යුතුයි කියලා. හිටපු ජනාධිපතිතුමා කථා කරපු විදියෙන් මම නිකන් භීතියට පත්වුණා. අපේ හාමුදුරුවනේ මම විදේශයේ ඉදලා එතුමාට කථා කළාම කිව්වේ මේක හොඳ වැඩක් ඔබතුමා සද්භාවයෙන් ගත්ත කාරණයක් පොළොන්නරුවට මෙවැනි කටයුතු වියයුතුයි කියලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ අපේ හාමුදුරුවනේ."

පුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමි - 

"ඇවිදින මංතිරු කියන කතාවට වඩා අපිට ප්‍රයෝජනයවත් වෙන්නේ බාහිර වශයෙන් මේක අලංකාරවීම. මම කැමති සෙළොස්මස්ථානයේ ගල් විහාරයත්, පොතුගුල් වෙහෙරත් අතර තියෙන නිසා මේ වැව ක්‍රමානුකූලව පිළියෙල කිරීම තුළ රටවල්වලින් අපේ රටින් ද එන අයට නිදහසේ ඒ අවස්ථාව ලබාදීමට මේ පරිසරය සකස් කිරීමේ අපි දකින්නේ නෑ මේක එහෙම භයානක කාරණයක් කියලා."