පාසල් සිසුවෙකුට පොලිසියෙන් වෙඩි?

By Sithumi Oct 28, 2022 05:43 PM GMT
Sithumi

Sithumi

Report

පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටය. පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ. 

 සිද්ධිය සිදුවී ඇත්තේ මිදෙල්ලවල කන්දපොල මාර්ගයේ ස්ථානයකදීය. සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්තාක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇති බවද වාර්තා විය. එහිදී කඹුරුපිටිය පොලීසියේ ජීප් රථයකට පහරදීමක් ද සිදුවී ඇති බව අප වාර්තා වී තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරත් වාර්තා වෙයි. කෙසේවෙතත් සිද්ධියට මුහුණ දුන් සිසුවෙකු පවසා ඇත්තේ ත්‍රිරෝද රථය නතර කිරීමට පොලීසිය අණ නොකළ බවයි.