හුදෙකලා යැයි පැවසු මාතර උයන්වත්ත හුදකලා නැහැ -මන්ත්‍රීවරයෙක් කියයි.

Police Mathara Isolating Weerasumana weerasinghe
By Aruna Jul 06, 2021 07:14 AM GMT
Report

අද උදෑසන සිට හුදකලා කෙරෙන බවට ප්‍රකාශ කෙරුණු මාතර උයන්වත්ත සහ මාතර උයන්වත්ත උතුර යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ, දිස්‌ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එය සන්නිවේදන දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව අනාවරණය වූ බවයි.

පසුගිය සෙනසුරාදත් දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමක් පැවති බවත් එහිදීත් මෙවැනි යමක් සකාච්ඡා නොවූ බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් මෙම වරද නිවැරදි කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now