දිස්ත්‍රික්කයක සියලුම පාසල් අද සහ හෙට දිනයේ වසා දමයි..

Matara TN Weather Weather Sri Lankan Schools Education
By Aruna Oct 04, 2023 11:57 PM GMT
Aruna

Aruna

Report

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ඔක්තෝම්බර් 5 සහ 6 යන දිනවල එනම් අද සහ හෙට යන දින වල වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කොට තිබෙනවා.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක පදිංචිකරුවන්ට ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 

ඒ අනුව, අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රවාහන සේවාවලට බලපෑම් එල්ල වී තිබේ.

ඒ අනුව, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ තීරණයක් මත දිස්ත්‍රික්කයේ පාසල් යළි විවෘත වන්නේ සඳුදා පමණයි.

කාලගුණය නිසා දරුවන් අතර ලෙඩ වැඩිවෙයි.

කාලගුණය නිසා දරුවන් අතර ලෙඩ වැඩිවෙයි.


ReeCha