පසුගිය දිනවල හැමෝම කතා කළ,ලිංගික බෝනික්කන් හා විවාහ වුණු අරුම පුදුම මිනිසුන් ගැන විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්..(PHOTOS)
"බෝනික්කියක් හා විවාහ වූ කායවර්ධන ශිල්පියා දික්කසාද වී තවත් බෝනික්කියක් හා පෙමින් බැදේ"
අන්තර්ජාලයේ සැරිසරන ඔබටත් මේ ප්‍රවෘත්තිය ඇහැ ගැටෙන්නට ඇති. මේ කාය වර්ධන ශිල්පියාගේ පළවැනි විවාහයේ තොරතුරුත් අපි ඔබට කිව්වා. කොහොම වුණත් දැන් මේ කාය වර්ධන ශිල්පියා පළමු බෝනික්කියගෙන් දික්කසාද වී ඇති බවයි වාර්තා වන්නේ. (මේ ගැන ඔහුම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණූමේ සඳහන් කරලා තියෙනවා.) හොඳයි අපි මේ ගැන කලින්ම ඔබට කිව්වනේ. කොහොම වුණත් දැන් මේ සිද්ධියත් එක්ක බොහෝ දෙනෙක් මේ "බෝනික්කෝ" කවුද කියලා හොයන්න පටන් අරන්...
වැදගත්ම දේ ඔබ හිතනවා වගේ බෝනික්කියක් හා විවාහ වුනු පළමු සහ එකම කෙනා, මේ කායවර්ධන ශිල්පියා නෙවෙයි. ඇත්තම කතාව, මිනිසුන්ගේ ජීවිත විවිධාකාරයි. ඒක එහෙම වෙන්නේ අපි මතුපිටින් දකින සමහරක් ජීවිත කතන්දර ඇතුළේ නොහිතන විදිහේ අසාමාන්‍ය දේ තියෙන නිසා වෙන්න පුළුවන්. මිනිසුන් තමන්ගේ බාහිර ලෝකයාගෙන් සඟවා ගනු ලබන දේ බොහෝමයි. ඒ අතරින් අතිශය රහසිගත දෙයක් වෙන්නෙ තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධ දේ.
මේ ඔබ සහ මම ඉන්න ලෝකයේ තමන්ගේ ජීවිතේ ගත කරන්න, හැඟීමක් දැනීමක් නොදැනෙන බෝනික්කන් පාවිච්චි කරන මිනිසුන් ඉන්නවා. ඔබ විශ්වාස නොකළත් ඇත්තම කතාව ඒක.... මේ බෝනික්කන් ඔවුන් කරකාර බඳින්නේ තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන්ම පමණක් නොවෙයි. ඔවුන් තමයි මේ අයගේ හැමදේම. තමන්ගේ ආදරය.. දුක සතුට... හැමදේම ඔවුන් කියන්නෙ මේ හැඟීමක් නැති බෝනික්කෙකුට.
ඒ නිසාමයි මේක තරමක් අසාමාන්‍ය කතාවක් වෙන්නෙ. ඒත් මේ තරම් අරුම පුදුම දේ සිද්ධ වෙන ලෝකෙක ඕවා මහා පුදුමසහගත දේවලුත් නෙවෙයි ඉතින්. CSI කියන රූපවාහිනි කතා මාලාවේ එක තැනක මේ විදිහේ මිල අධික "සිලිකන්" බෝනික්කන් ගැන සඳහන් වෙනවා. ඒ වගේම Prison Break කියන කතා මාලාවේ යම් තැනකත් මෙවැනි "ලිංගික බෝනික්කන්" නැව් පටවගෙන යන හාදයෙක්ව අපිට මුණ ගැහෙනවා.
හැබැයි මේ එක කතාවකවත් මේ සිදුවීම ලොකුවට විහිදෙන්නෙ නැහැ. ඇත්තටම කාන්තාවක් වෙනුවට බෝනික්කෙන් කසාඳ බැඳගෙන ජීවිතේ ගෙවනවා කියන එක මහා අරුමයක්. ඔවුන් මේ සහකාරිය සමඟ ඡායාරූප ගන්නවා. ඒ වගේම ඔවුන්ව පිරිසිදු කිරීම්, කොණ්ඩා සැකසීම් සියල්ලම කරන්නේ මහා ආදරෙකින් වගේම ආඩම්බරයකින්. මේ විදිහට බැලූ අතට ජීවමාන පෙනුමකින් යුක්ත බෝනික්කන් නිපදවීම සඳහා ප්‍රසිද්ධම තැනක් තියෙන්නෙ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බවයි දැනගන්න ලැබෙන්නේ.
මේ එක බෝනික්කෙක් පවුම් 3000 ඉක්මනවා. ඒ තරම් මිල අධික වීම ගැන පුදුම වෙන්න එපා. ඒ මොකද... මේ අයගේ ස්වරූපය වෙනස් කරන්න අවශ්‍ය දේත් ඔවුන් විසින්ම ලබා දෙනවා. උදාහරණයක් විදිහට රාත්‍රීයට දෑස් වසා සිටින පෙනුම ලබාදෙන්න ඒ විදිහේ දෑස් යුගල, බොරු කොණ්ඩ, දැන් දැන් ශරීර උෂ්ණත්වය දැනෙන යන්ත්‍ර පවා ඔවුන් සවි කරනවා. නිකමට හිතන්න තමන්ගේ මේ "බෝනික්කි සහකාරිය" හදිසියේ ලෙඩ වුණොත් එහෙම? ඒ කියන්නේ ඒක පැහැදිලිවම කාර්මික දෝශයක්.
ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. මොකද ඒ වෙනුවෙන්ම වුණු දොස්තර මහත්වරු විදිහට "කාර්මිකයෝ" වෙනම ඉන්නවා. ඇත්තටම සමහර අය මේ බෝනික්කන්ව ලිංගික කටයුතු වලට පමණක් නොවේ. කලාත්මක සහ නිර්මාණාත්මක දේ සඳහාත් යොදා ගන්නවාලු. කාලයකට කලින් උකුලේ බෙල්ලේ සහ සිරුරේ කම්පන ඇති කරන කථන සංවේදක උපකරණ පවා මේ බෝනික්කන් වෙනුවෙන් භාවිතා කළාලූ. ඒ දේවල් නව්‍යකරණය කරලා ඉදිරියේදී බොහෝ විට "පණ ඇති තැනැත්තියක්" විදිහට මේ බෝනිකි සහකරුවන් කටයුතු කරන්න පුළුවන්.
ඒ කියන්නේ හරියටම කිව්වොත් රොබෝ කෙනෙකුට සමාන සහකාරියක්. අපි මේ කතාව ටිකක් වෙනස් තැනකට අරන් යමු. මේ බෝනික්කන් සහකාරියන් කරගැනීමේ කතාව දෙවැනි ලෝක යුද සමයේත් සිදු වුණු බවට ඉතිහාසය සාක්ෂි දරනවා. දරුණු පාලකයෙකු වුණු හිට්ලර් විසින් මේ ක්‍රමවේදය තමන්ගේ නාසි හමුදාව උදෙසා භාවිතා කරනවා. ඒ වෙනුවෙන් වෙනම කර්මාන්ත ශාලාවකුත් ඉදිවුණා කියලයි දැනගන්න ලැබෙන්නෙ. ඇත්තටම මේ විදිහේ දෙයක් කරන්න හේතු වුණේ ඒ වෙනකොට පැතිරිලා තිබුණු සමාජ රෝගයකින් තමන්ගේ සොල්දාදුවන් ගලවා ගැනීමේ උවමනාවක් හිට්ලර්ට තිබුණු නිසයි.
මේ බෝනික්කන් සඳහා ආදර්ශ සපයන්න හංගේරියාවේ ජනප්‍රිය නිළියකටත් ආරාධනා ලැබුණා කියලා කතාවක් තියනවා. අවසානයේ නිර්මාණය වුණු මේ බෝනික්කන් දීප්තිමත් කොණ්ඩයකින් සහ නිල් පැහැති ඇස්වලින් යුක්තලු. කොහොම වුණත්, ප්‍රමාණයෙන් කුඩා පිටේ එල්ලගෙන යන්න පුළුවන් විදිහේ මේ බෝනික්කන්ව ගෙනියන්න නම් සෙබළු කැමති වෙලා නැහැ.
ඒකට හේතුව සමාජ රෝගවලට ආස වීම නම් නෙවෙයි. හදිසියේ හරි සතුරු හමුදාවට මේවා අහුවුණොත් පත්වෙන ලැජ්ජාව නිසාවෙනුයි. එදා ඒ විදිහට සිද්ධ වෙද්දි, අදටත් මේ විදිහේ බෝනික්කන් එක්ක පවුල් ජීවිත ගත කරන ඈයෝ ඉන්නවා. ඔන්න ඕකයි මේ කියන "ලිංගික බෝනික්කන්", එහෙම නැත්තම් "සෙක්ස් ඩෝල්"ලාගේ ඇත්තම කතාව...............
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |