ගුවන්ගමන් රැසක් නවතියි
China
Flight
Weather
Sinhala news
By Shehan
ඊයේ (12) උතුරු චීනයට සහ බීජිං නගරයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය සේවා ද අත්හිටුවා ඇති බවයි.
ඊයේ (GMT 03:30) වන විට බීජිං අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකෙහි ගුවන් ගමන් 838ක් අවලංගු කර තිබුණි.
විදෙස් මාධ්‍ය පැවසුවේ සති අන්තය පුරා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 150ක් පමණ වන බවයි. මේ නිසා මිලියන ගණනක ජනතාවට තම නිවෙස්වල රැඳී සිටින ලෙස බලධාරීන් ඉල්ලා ඇත.
මෙම සුළි සුළඟට කිලෝග්‍රෑම් 50ට අඩු බරැති පුද්ගලයින් පහසුවෙන් ගසාගෙන යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ආකර්ශනීය හා ඓතිහාසික ස්ථාන වසා දමා ඇති අතර, ගුවන්තොටුපොළේ අධිවේගී උමං මාර්ගය ඇතුළු සමහර අධිවේගී දුම්රිය මාර්ග සහ දුම්රිය සේවා ද අත්හිටුවා තිබේ.
