නැවතත් සහල් පාලන මිලෙහි සංශෝධනයක්..?
price
manufacture rice
By Sewvandhi
සහල් සඳහා පැනවූ පාලන මිල සඳහන් ගැසට් නිවේදනය යළි සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ, සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබෙන බව වාර්තා වනවා.
එහි දී සම්බා හා කීරි සම්බා පාලන මිල සංශෝධනය කෙරෙන අතර කැකුළු හා නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී තිබෙන අතර කීරි සම්බා පාලන මිල රුපියල් 125 සිට 145 දක්වා වැඩි කිරීමටද යෝජනා කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමෙන් පසු සහල් සඳහා පාලන මිලක් පනවනු ලැබුවා.
---------------------------------------------------------
ජනපතිට ප්‍රබල චෝදනාවක්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |