"ආවා ආවා.. ඇලඩින්ගේ පුදුම පහනත් අරන් බැසිල් ආවා'' - මනෝ ගනේෂන්
By Wasantha
13 වන සංශාධනය සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ සඳහා මැදිහත් වීමේ අයිතිය ඉන්දියාවට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
පළාත් සභා සම්බන්ධයෙන් කතා කිරීමේදී ඉන්දියාවේ එකඟතාවය මත ශ්‍රී ලංකාවේ ස්ථාපනය වුවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
මෙරට ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බට්ලේ මහතා සමග සිදු වූ හමුවකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වීමට නියමිත කාරණාව සම්බන්ධයෙන් ද මනෝ ගනේෂන් මහතා මෙහිදී අදහස් පල කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now |