පෑනක් ලෙස සැකසූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මාට්ටු
නාගොඩ, අළුත් තානායම්ගොඩ ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. විදේශ රටක නිෂ්පාදිත, පෑනක ස්වරූපයෙන් යුත්, එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් මෙලෙස සොයාගෙන ඇති අතර, එයට යොදන පතරොම් 02 ක් හා භාවිත කරන ලද පතරොම් කොපු 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 23 ක් වන මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.