රසායනික ද්‍රව්‍යක් නිසා සිසුන් 07ක් රෝහල් ගත කෙරේ
විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු 07 දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.
පිරිමි දරුවන් පස්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු මෙසේ රෝහල්ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය. සහකාර පොලිස් අධිකාරියේ එම්. එස්.කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවය.
ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැ ගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බවද කියයි.