මහින්දට ආරක්ෂාව දෙන්න අපි සූදානම් - මහින්ද ජයසිංහ
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත සම්මත කිරීමත් සමගම ජනපතිවරුන්ට ලැබූ බොහෝ වරප්‍රසාද මේ වන විට අහිමි වී තිබේ. ඒත් එක්කම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳවද විටින් විට සමාජය තුළ විවිධ කතිකාවන් නිර්මාණය විය.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අවශ්‍යතා සහ ඔහු මුහුණ දෙන තර්ජන තක්සේරු කර බලධාරීන්ට දැනුම් දෙන්නේ නම්, ඔහුට ආරක්ෂාව සැපයීමට රජය සූදානම් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තත්ත්වය තක්සේරු කළ පසු ආරක්ෂාව සැපයීමේ කිසිදු ගැටළුවක් ඇති නොවන බවට රජය දැනටමත් හිටපු ජනාධිපතිවරයාට සහතික වී ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයා යම් කාලයක් තිස්සේ අනවශ්‍ය ලෙස බිලියන ගණනක මහජන මුදල් වියදම් කර ඇති බව ද ඔහු පැවසීය.