වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කළුතර ලංගම ඩිපෝව ආසන්නයේදී රුපියල් ලක්ෂ 35ක මුදලකට වාලම්පුරියක් විකිණීමට සූදානම් වූ පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (08) දහවල් කාලයේදී ලද රහස් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු කොටු කර ගැනීමට පොලිසිය සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
සැකකරු සහ නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි වාලම්පුරිය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
කළුතර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.