අවුරුදු කාලත් හමාරයි - අවුරුදු කටේ තියලා මේ ද්‍රව්‍යවලත් මිල ඉහළට නව මිල මෙන්න

Report

ගෑස් සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙවර උත්සව සමයේ දේශීය රසකැවිලි මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රසකැවිලි නිෂ්පාදකයෝ ප්‍රකාශ කරයි.

ඒ අනුව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් වෙළෙඳපොළට නිකුත් කර ඇති රසකැවිලිවල මිල ගණන් පෙර වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

නව මිල ගණන් අනුව ආස්මි එකක මිල රුපියල් 180 ත් 200 ත් අතර අගයක් ගන්නා අතර, කොණ්ඩ කැවුමක මිල රුපියල් 90 ත් 100 ත් දක්වා ඉහළ ගොස් ඇත.

ලංකාවට ආපු IMF දූත පිරිසෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් - හේතුව මෙන්න

ලංකාවට ආපු IMF දූත පිරිසෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් - හේතුව මෙන්න

මීට අමතරව පැණි වළල්ලක් රුපියල් 100 කට ද, මුං කැවුමක් රුපියල් 80 කට ද, අතිරසයක් රුපියල් 80 කට ද අලෙවි කෙරේ. වෙළෙඳපොළේ කොකිස් එකක මිල රුපියල් 40 ක් දක්වා වැඩි වී ඇති අතර අළුවා කැටයක් රුපියල් 70 ක් සහ පොල් ටොපියක් රුපියල් 20 ක් වැනි මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වේ.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පොල්තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමයි. දැනට පොල්තෙල් බෝතලයක මිල රුපියල් 700 ත් 750 ත් අතර අගයක පවතී.

රසකැවිලිවලට අමතරව කේක් වර්ගවල මිල ද ඉහළ ගොස් ඇති අතර බටර් කේක් කිලෝවක් රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකට අලෙවි කෙරේ.

දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - මුණුපුරාගේ පහරදීමකින් මිත්තණියට දිවි අහිමිවෙයි

දෙවියනේ අහස පොළොව නුහුලන අපරාධයක් - මුණුපුරාගේ පහරදීමකින් මිත්තණියට දිවි අහිමිවෙයි

මිල ගණන් මෙලෙස ඉහළ යාම හේතුවෙන් අවුරුදු සමයේ සිය වෙළෙඳාම පහත වැටීමේ අවදානමක් පවතින බව ද නිෂ්පාදකයෝ වැඩිදුරටත් සඳහන් කරති.