වැල්ලම්පිටියේ වෙළඳසලක ගින්නක් - ගිනිනිවන රථ 3ක් ගින්න පාලනයට දැඩි උත්සහයක

Report

අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය නගරයේ පිහිටි වෙළඳසැලක අද දහවල් හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න පිළිබඳ තොරතුරු ලැබුණු වහාම එය පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව මගින් ගිනි නිවන රථ 03ක් එම ස්ථානයට පිටත් කර යවා ඇත.

ගින්නෙන් සිදුවූ අලාභහානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, ගින්න පාලනය කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.