වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නරක ආරංචියක් - වාහන ආනයනකරුවනුත් දැඩි අර්බුදයක

Report

ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ උද්ගතව තිබෙන පරිපාලනමය දුර්වලතා සහ තාක්ෂණික පද්ධතිවල දෝෂයන් මුල් කරගනිමින් මේ වන විට වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු විශාල ලෙස ප්‍රමාද වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව සාමාන්‍යයෙන් එක් දිනක් තුළ නිම කෙරෙන එක්දින සේවා කටයුතු සඳහා මේ වන විට සතියක පමණ කාලයක් ගතවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් මෙන්ම වාහන ආනයනකරුවන්ද දැඩි අර්බුදයකට සහ අපහසුතාවකට මුහුණ දෙයි.

රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි

රත්තරන්වලටත් නරක කාලයක් - කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පැන්න ගමන් මෙරට රත්තරන් අලෙවිය කඩා වැටෙයි

එසේම මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ රජය වහාම මැදිහත් වී මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බවයි.

එසේ නැතහොත් ලියාපදිංචිය ප්‍රමාද වීම ඔස්සේ යළි හිස ඔසවමින් පවතින වාහන කර්මාන්තයේ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට දැඩි බාධා එල්ල විය හැකි බවට අදාළ පාර්ශවකරුවන් අනතුරු අඟව‍යි. තවද ඔවුන් විසින් වර්තමාන වෙළඳපොළ හැසිරීම පිළිබඳ දත්ත ද බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නැති වෙයි - අප්‍රේල් සිට ජුනි වෙනුවෙන් විදුලිය ගැන තවත් අසුබ ආරංචියක්

එසේම වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළඳපොළ තුළ මෝටර් රථ වෙනුවෙන් විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබුණ ද, මෑතකාලීන වාර්තාවලට අනුව මේ වන විට එම ඉල්ලුමෙහි යම්කිසි පසුබෑමක් දක්නට ලැබෙන බව තහවුරු වී ඇති බව සඳහන්.

එවැනි පසුබිමක මෙරට වාහන වෙළඳපොළේ වත්මන් ප්‍රවණතාවන්ට සාර්ථකව මුහුණ දීමට රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමේ අත්‍යවශ්‍යතාව මෙම සිදුවීම් මාලාව ඔස්සේ තවදුරටත් අවධාරණය කර ඇත.

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්