කැස්බෑ බිත්තර සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් අද බලපිටියේ රන්දෝබෙහිදී කැස්බෑ බිත්තර 108ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වෙරළාරක්ෂක බලකායට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදු කළ මෙම මෙහෙයුමෙන් සැකකරු සහ බිත්තර තොගය අල්ලා ගැනීම සිදු වූ බව නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කැස්බෑ බිත්තර 108 වැඩිදුර නීතිමය කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිසියට භාර දී ඇති බව වාර්තා වේ.

කැස්බෑ බිත්තර රැගෙන යාම සහ වෙළඳාම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් වෙරළාරක්ෂක බලකාය නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරයි.

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ පත් කරයි

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ පත් කරයි