BIMSTEC විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අනුමැතිය

Report

රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම 2026 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

7 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව 2024 පෙබරවාරි මස පවත්වන ලද සාකච්ඡාවකදී, රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හා අත්දැකීම් සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම පිණිස 'රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුවක්' පිහිටුවීමට එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇත.

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ පත් කරයි

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ පත් කරයි

ඒ අනුව අනුව සකස් කරනු ලැබ ඇති විද්වත් කමිටුව පිහිටුවීම පිළිබඳ සංකල්ප පත්‍රිකාව සඳහා සියලුම සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි ව ඇත.

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් නිල වශයෙන් එකී විද්වත් කමිටුවේ කාර්ය නිර්ණේය අනුදේශ සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට හැකිවන පරිදි එම විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සලකා බලන ලෙස බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, එකී විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් පාකිස්ථානයේ 12ක් ජීවිතක්ෂයට - 7 දෙනෙක්ට බරපතළයි

දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් පාකිස්ථානයේ 12ක් ජීවිතක්ෂයට - 7 දෙනෙක්ට බරපතළයි