තවත් විශිෂ්ට දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි
ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු මෙන්ම දෙවතාවක් ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා තරග වැදුණු ජෙසී ජැක්සන් (Rev. Jesse Jackson) අද ( 17) අභාවප්‍රාප්ත වී තිබෙන බවට විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මියයන විට ඔහු 84 වැනි වියේ පසුවූ බව සඳහන් වේ. ජෙසී ජැක්සන් 1960 දශකයේ සිට මාර්ටින් ලූතර් කිං (Martin Luther King Jr.) සමග එක්ව ඇමරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කෙරූ චරිතයක් ලෙස ප්‍රසිද්ධ වේ.
ඔහු 1984 සහ 1988 යන වසරවලදී ඩිමොක්රටික් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වූ අතර, බරක් ඔබාමාට පෙර ඇමරිකානු ජනාධිපතිවරණයකදී දැවැන්ත ජනතා ආකර්ෂණයක් දිනාගත් පළමු කළු ජාතික දේශපාලනඥයා ලෙසද ඉතිහාසයට එක් වේ.